ලන්ච් ශීට් සහ සිලි බෑග් මිලත් ඉහළට..! වැඩි වන්නේ මෙහෙමයි..
පවතින අමුද්‍රව්‍ය හිඟය හා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ෂොපින් බෑග් එකක් මිල රුපියලත් රුපියල් හතත් අතර මුදලකින් ඉහළ දැමීමට කටයුතු කළ බවත්, ලන්ච් ෂීට් එකක මිල රුපියලකින් ඉහළ දැමීමටත් කටයුතු කර තිබෙන බවත් සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයන්ගෙන් හා ප්‍රතිචක්‍රීකරණය කරන්නගේ සංගමය පවසනවා.
මාස තුනක සිට නිසි ලෙස අමුද්‍රව්‍ය ගෙන්වීමට නොහැකි වී තිබෙන බවත්, මේ නිසා කර්මාන්ත ශාලා පන්සියක් පමණ තම නිෂ්පාදන කටයුතු අතරහැර දමා තිබෙන බවත් එම සංගමයේ ලේකම් අනුර හේරත් සදහන් කළා. මේ නිසා ආසන්න වශයෙන් 15,000කට පමණ රැකියා අහිමි වී තිබෙන බවද ඔහු පවසනවා.
දැනට ක්‍රියාත්මක කර්මාන්ත ශාල 400ක පමණ ප්‍රමාණයටත් දෛනිකව නිෂ්පාදන කටයුතු කිරීමට ප්‍රමාණවත් තරම් අමුද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වී තිබෙන බවත්, අමුද්‍රව්‍ය කිලෝවක මිල මේ වනවිට රුපියල් 500 සිට රුපියල් 750 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ලේකම්වරයා සදහන් කළා.
මේ නිසා රුපියලකට අලෙවි කළ ෂොපින් බෑග් එකක තොග මිල රුපියල් 02ක් දක්වාත් රුපියල් පහකට අලෙවි කළ බෑගයක මිල රුපියල් 09 දක්වාත් රුපියල් දහයකට 10 අලෙවි කළ බෑගයත මිල රුපියල් 17 දක්වාත් ඉහළ දැමීමට සිදු වූ බවද ඔහු සඳහන් කළා.
එහෙත් පරිසර හිකකාමී නොවන ෂොපින් බෑග් මීට අඩු මුදලකට වෙළෙඳ පොළ තුළ අලෙවි කරන බවත්, පවතින නීතිරීතිවලට අනුව පරිසර හිතකාමී නොවන ෂොපින් බෑග් අලෙවි කළ නොහැකි බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මීට අමතරව රුපියල් 2.50කට අලෙවි කළ පරිසර හිතකාමී ලන්ච් ෂීට් එකක මිල රුපියල් 3.50 දක්වා ඉහළ දමා තිබෙන බවත්, පරිසර හිතකාමී නොවන ලන්ච් ෂීට් මීට අඩු මුදලකට අලෙවි වන බවත් ඒ මහතා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |