ලූලා පුටින් වෙනුවට ඉදිරියට එයි

Brazil Ukraine Russia
By Sewvandhi Sep 10, 2023 12:33 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පවසා ඇත්තේ, ලබන වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන ජී 20 සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහභාගී වන්නේ නම් ඔහුගේ ආරක්ෂාව සහතික කිරීමට සූදානම් බවයි.

ඉන්දියාවේ පැවැත්වෙන මෙවර ජී 20 සමුළුවට සහභාගී වී සිටින බ්‍රසීල ජනාධිපතිවරයා එරට මාධ්‍යය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.

යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය මඟින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අතර එම අවදානම හේතුවෙන් පුටින් ජී 20 සමුළුව ඇතුළු රාජ්‍ය නායක සමුළු රැසකට සහභාගී වීමෙන් වැළකී සිටී.

කෙසේවෙතත් ලබන වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැත්වෙන ජී 20 සමුළුව සඳහා රුසියානු ජනාධිපතිවරයා සහභාගී වන්නේ නම් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා අතර බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස තම රට තුළ දී ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව ද බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ප්‍රකාශ කර ඇත.