ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුණු කොටි සාමාජිකයා..!
කොළඹ මහාධිකරණය විසින් කොටි සාමාජිකයකුට ජීවීතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේය. මෙසේ දඬුවම් නියම වුයේ තංගවේලු නිමලන් නමැත්තෙකුටය.
ඔහු වරදකරු වී ඇත්තේ, කොළඹ ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පුපුරන ද්‍රව්‍ය සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල 2ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවන්ටය.
2009 වසරේ රත්මලාන ප්‍රදේශයේදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක්, සී-4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1 1/2ක් හා ජීව උණ්ඩ ළඟ තබාගත් බවට චෝදනාකරමින් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය.
ඒ අනුව විත්තිකරුට ජීවීතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කරන බවත් තීන්දුව ලබාදුන්නේය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |