හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 8ක් සම්බන්ධයෙන් ගත් තීරණය..

Sri Lanka Prisons in Sri Lanka
By krishani Oct 24, 2022 02:20 AM GMT
Report

එල්.ටී.ටී.ඊ. ක්‍රියාකරකම් සම්බන්ධ අධිකරණය මගින් වරකරුවන් වී සිරදඬුවම් ලැබ බන්ධනාගාර ගතවී සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් 08 ක් වෙනුවෙන් ජනාධිපති සමාව ලබා දී ඇත.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා‍‍වේ අධිකරණයකින් වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාව ලබා දීම සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ සමාව ලබා දී ඇති බවය.

ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය අඩු කිරීම යටතේ 2022.10.21 වන දින මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් 04 ක් නිදහස් කිරීමට කටයුතු කර ඇත.

එල්.ටී.ටී.ඊ. රැඳවියන් ‍දෙදෙනෙක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පවතින නඩු එම රැඳවියන් විසින් ඉල්ලා අස් කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිතයි.

එල්.ටී.ටී.ඊ. රැදවියන් ‍දෙදෙනෙක් පුනරුත්ථාපන කටයුතු අවසන් වීමෙන් අනතුරුව නිදහස් කිරීමට අවශ්‍ය උප‍දෙස් සඳහා නීතිපතිතුමා වෙත යොමු කර ඇත.