නෙළුම් කුළුණෙන් වාර්තාගත මාසික ආදායමක්..හරියටම මාසයයි..
Sri Lanka
By Aruna
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළදී රුපියල් ලක්ෂ 900 ක ආදායමක් හිමිවී ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසනවා.
එය නැරඹීම සඳහා මෙරට සහ විදේශ ගත සංචාරකයන්165000 පැමිණ ඇතැයි ද ප්‍රධාන විධායක නිලධාරි වරයා කීය.
එකී ආදායම හිමිවී ඇත්තේ නැරඹීම සඳහා පැමිණෙන අය මිලදී ගත් ප්‍රවේශ පත්‍ර වලින් සහ එහි අභ්‍යන්තරයේ පිහිටි විවිධ ආයතනවලින් ලබාගත් පහසුකම්වලින් බව ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
එය ජනතා අයිතියට පත් කළ ඉකුත් සැප්තැම්බර් 15 වැනි දින පළමු දිනයේ දී විදේශිකයන් 21 දෙනකු ඇතුළු පුද්ගලයන් 2612 නැරඹීමට පැමිණ රුපියල් ලක්ෂ 15ක ආදායමක් ලබාගෙන තිබිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |