මුලු රටම බලාසිටින නෙළුම් කුලුන ගැන සතුටුදායක ආරංචියක්...

Colombo Sri Lanka
By Aruna Aug 24, 2022 07:29 AM GMT
Report

ආයෝජකයින් කැඳවීමේ අගෝස්තු 31කින් අවසන් කොළඹ නෙළුම් කුලුනේ ව්‍යාපාර ආරම්භ කිරීමට ආයෝජකයන් කිහිපදෙනකුම කැමැත්ත පළ කර ඇති බව මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

චීන අරමුදල් මත ඉදිකෙරුණ නෙළුම් කුලුන, එය ඉදිකිරීම් අවසන් වී වසර ගණනක් ගතව ඇතතත් ප්‍රයෝජනවත් කටයුත්තකට භාවිත නොවීම හේතුවෙන් විශාල විවේචනයකට පාත්‍රව ඇති ව්‍යාපෘතියකි.

මෙම තත්ත්වය හේතුවෙන් මෙම මස දෙවැනි සතියේ දී නෙළුම් කුලුන පාලනය කරනු ලබන කලම්බෝ ලෝටස් ටවර් මැනේජ්මන්ට් (Colombo Lotus Tower Management) සමාගම විසින් නෙළුම් කුලුන ආශ්‍රිතව ව්‍යාපාර කිරීමට කැමැත්තක් දක්වන ආයෝජකයන් වෙතින් ‘කැමැත්ත පළකිරීමේ’ අයැදුම්පත් කැඳවනු ලැබීය.

අදාළ ඉල්ලීමට අනුව නෙළුම් කුලුනේ ව්‍යාපාර මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන ආයෝජකයන් වෙතින් අයැදුම්පත් ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් එම පුවත්පත සමඟ පවසා තිබේ.

නෙළුම් කුලුනේ විවිධ මහල්වල ආයෝජනය කිරීමට මෙම අයැදුම්කරුවන් කැමැත්ත පළකර ඇති අතර ලබන මස මුලදී එම යෝජනා තක්සේරු කර බැලීමට සූදානම් බව එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

නෙළුම් කුලුන සඳහා ආයෝජකයන් කැඳවීමේ කාල සීමාව ආගෝස්තු 31 වැනිදායින් අවසන් වේ.

නෙළුම් කුලුන මූලික ව්‍යාපෘතියේ දී එහි පළමු මහලේ සුවිශේෂී වෙළෙඳසල්, ආපනශාලා, ඡායාරූප කුටි සහ ප්‍රදර්ශන ගැලරියක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබිණි.

එහි පළමු හා දෙවැනි මහල් නවෝත්පාදන මධ්‍යස්ථාන, ඊ-ක්‍රීඩාපිටි, 9D සිනමා ශාලා, ඩිජිටල් කලා කෞතුකාගාරයක්, කාර්යාල අවකාශ සහ විශේෂ උත්සව ප්‍රදේශයක් වෙනුවෙන් වෙන් කරන බව ප්‍රකාශ විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now