ඩොලර් මිලියන 03 වාසනාව ගෙනආ ඊ මේල් ගිණුමේ SPAM ෆොල්ඩරය

America lottery email spam mega millions
By Sewvandhi Jan 26, 2022 12:45 PM GMT
Report

කාන්තාවකට හිමි වූ අපූරු ලොතරැයි දිනුමක් ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.. 55 හැවිරිදි ලෝරා ස්පියර්ස් දින කිහිපයකට පෙර mega millions නැමති ලොතරැයියෙන් ටිකට් පතක් මිලදීගෙන තිබුනේ ඔන්ලයින් ක්‍රමයටය.

ඒ එහි දිනුම් මුදල ඩොලර් මිලියන සිය ගණනක් දක්වා ඉහළ යන බව දුටු අවස්ථාවේය. කෙසේ නමුත් පසුව ඇයට මෙම ලොතරැයිය ගැන අමතකව ගොස් තිබිණි.

පසුගියදා ඇය වෙනත් පාර්ශවයකින් තමාට ලැබුණු ඊ-මේල් පණිවුඩයක් ඉන්බොක්ස් කොටසේ සොයා ගැනීමට නොහැකි වූ තැන ස්පෑම් (Spam) ෆෝල්ඩරය පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබුණාය.

කෙනෙක් මට එවපු ඊමේල් එකක් සාමාන්‍යයෙන් ඊමේල් පෙන්වන ඉන්බොක්ස් එකේ සොයාගන්න නොතිබුණ නිසා මම නිකමට ස්පෑම් (Spam) ෆෝල්ඩර් එක පරික්ෂා කළා.

ඒ වෙලාවේ මම දැක්ක ලොතරැයි ආයතනයකින් ආපු ඊ මේල් එකක් මේ ස්පෑම් එකේ තියෙනවා මම ඒක විවෘත කරලා බැලුවා මට ලොතරැයි දිනුමක් හිමිව ඇති බව එහි සටහන් වෙලා තියෙනවා දැක්කා.

ඒකෙ තිබුණු විස්තරේ කියෙව්වම මට අදහගන්න බැරි වුණා ඒ පාර මම ඉක්මනට ලොතරැයියේ නිල ගිණුමත් පරික්ෂා කරලා බැලුවා. ඒක දැකලා මම මහත් පුදුමයට පත් වුණා.

ලෝරාට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 30ක විශාල දිනුමක් හිමිව තිබිණි. එය ශ්‍රී ලංකා මුදල්වලින් රුපියල් කෝටි 60 කට ආසන්න මුදලක් පමණ වේ.

ස්පෑම් ෆෝල්ඩර් යනු සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය නොවන සහ සමහරවිට කරදරකාරී email පණිවිඩ එකතුවන ෆෝල්ඩරයකි නමුත් ලෝරාට එය වාසනාවක් විය..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now