ශීතකරණයේ දොරෙන් මිලියන දෙකක් මතුවෙයි..!
                                    
                    Australia
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    විදෙස් මාධ්‍යය, ශීතකරණයක දොර පියන තුළ සිරවී තිබූ ලොතරැයි පතකින් ඩොලර් මිලියන 2ක ත්‍යාග මුදලක් ජයග්‍රහණය කළ පුවතක් වාර්තා කර තිබෙනවා.
එනම් මෙම පුවත වාර්තාවන්නේ ඔස්ට්‍රේලියාවෙනි. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි වාසය කරන කාන්තාවකට මෙම වාසනාව උදා වී තිබේ. පසුගිය ජුනි මාසයේ 24 වනදා අදාළ ලොතරැයි පත දිනුම් ඇදීම සිදුකර ඇත.
කෙසේ වෙතත්අදාළ කාන්තාවගේ මුළුතැන්ගෙය තුළ වූ ශීතකරණයේ දොරෙහි ජයග්‍රාහී ටිකට් පත සිරවී තිබී හමුව ඇත්තේ මසකට ආසන්න කාලයකට පසුවය.
ඒ අනුව ටිකට් පත රැගෙන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එයට මිලියන දෙකක ත්‍යාග මුදලක් හිමිව ඇති බවය.
ජයග්‍රහණය හිමිකරගත් කාන්තාව පවසා ඇත්තේ තමන් එම මුදලින් සිය නිවසේ උකස් ණය ගෙවා අවසන් කර දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යොදවන බවය.
 
                 
                 
                                             
        
     
     
     
     
    