ජීවිත රැසක් බිලිගෙන ඇති කොටලීය පාලමෙන් අදත් ලොරියෙක් පෙරළෙයි. (PHOTOS)

Sri Lanka Police Accident
By Wayomi Dec 24, 2023 09:50 AM GMT
Report

අද ( 24 ) උදෑසන පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ, කොටලීය පාලමෙන් ලොරියක් ඔයට වැටී තිබෙනවා.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, කුරුණෑගල සිටි සමන්තුරේ දක්වාම සෝපා රැගත් ලොරියක්.

ජීවිත රැසක් බිලිගෙන ඇති කොටලීය පාලමෙන් අදත් ලොරියෙක් පෙරළෙයි. (PHOTOS) | Lorry Accident In Manmpitiya

එම අනතුරේ රියදුරාගේ සහ සහායකයාගේ ජීවිත අනූනමයෙන් බේරී ඇති අතර ඔවුන් ලොරියේ සිරවී සිටියදී ඒ දුටු කීපදෙනෙකුට ඔවුන් දෙදෙනා බේරාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් නම් පවසන්නේ, කොටලීය ඔයේ ජලය පිරී තිබුණා නම් ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට නොහැකි වනු ඇති බවයි.

ජීවිත රැසක් බිලිගෙන ඇති කොටලීය පාලමෙන් අදත් ලොරියෙක් පෙරළෙයි. (PHOTOS) | Lorry Accident In Manmpitiya

මනම්පිටිය කොටලීය පාලමෙන් බසයක් පෙරළී ඉකුත් ජුලි මාසයේ 09 වෙනිදා මිනිස් ජීවිත එකොළහක් අහිමි වු අතර මෙම පාලම පුලුල් කරදෙන ලෙස ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඊට තවම විසඳුම් ලැබී නොමැති බව ද සඳහන්.

ජීවිත රැසක් බිලිගෙන ඇති කොටලීය පාලමෙන් අදත් ලොරියෙක් පෙරළෙයි. (PHOTOS) | Lorry Accident In Manmpitiya