දරුවන් 60 දෙනකුගේ පියෙක් සොයා ලොව පීරයි.
ව්‍යාජ අනන්‍යතාවයන් භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කළ පුද්ගලයෙක් දරුවන් 60 දෙනකුගේ පියෙක් බවට අනවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ පුද්ගලයා ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන අතර ව්‍යාජ අනන්‍යතාවන් හතරක් යොදාගනිමින් ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ බව අනාවරණය වී ඇත්තේ ඕස්ට්‍රේලියානු සමරිසි ප්‍රජාව දෙමාපියන් වීමේ සතුට වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අතරතුරදීයි.
එම උත්සවය සඳහා කැඳවාගෙන පැමිණි ඔවුන්ගේ දරුවන් බොහෝ දෙනෙකුගේ දේහ ලක්ෂණ එක හා සමාන බවට සමරිසි දෙමාපියන්ට නිරීක්ෂණය වී තිබෙනවා.
පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකුවලින් එම දෙමාපියන් විමසීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී එකම පුද්ගලක් විසින් ව්‍යාජ නම් හා තොරතුරු භාවිත කරමින් නිල හා නිල නොවන ආකාරයෙන් ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකු වෙත ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බවට අනවරණය වී තිබෙනවා.
එලෙස ශුක්‍රාණු පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඔහු ත්‍යාග සහ මිල මුදල් ද ලබාගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
එලෙස ව්‍යාජ නම් හා තොරතුරු භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කළ පුද්ගලයා සොයා ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇති අතර මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් හෙළිකර ගැනීමට හැකිව නැහැ.
එක්සත් රාජධානියේ මෙන්, ඔස්ට්‍රේලියාවේ ද මිනිස් ශුක්‍රාණු සඳහා ගෙවීමට හෝ තෑගිදීමට අපරාධමය වරදක් වන අතර, එම වරදට වසර 15ක් දක්වා සිරදඬුවමක් පැනවීමේ හැකියව පවතිනවා.
- iri-
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |