සියල්ලන් කම්පා කළ මේනකගේ අවසන් සෙල්ෆිය..(VIDEO)

Bandaragama drowning Uyanvaththa lake Isuru Menaka Shanthaloka Gama
By Sewvandhi Apr 17, 2022 02:14 PM GMT
Report

බණ්ඩාරගම උයන්වත්ත වැවේ, දිය නෑමට ගිය තරුණයන් පිරිසක් අතරින් 19 හැවිරිදි පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් පවසයි.

එලෙස අතුරුදන්ව ඇත්තේ, හෝමාගම අතුරුගිරිය ශාන්තාලෝකගම පදිංචිව සිටි, හෝමාගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරන ලොකු පිටියගේ ඉසුරු මේනක නැමති සිසුවෙකි.

හෝමාගම ප්‍රදේශයේම පදිංචි නව දෙනෙකුගෙන් යුත් තරුණයන් පිරිසක් බණ්ඩාරගමට පැමිණීමට පෙර කොට්ටාව ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලකින් මත්පැන් බෝතලයක් මිලදී ගෙන යතුරුපැදි හා ත්‍රීරෝද රථවලින් උයන්වත්ත වැව අසලට පැමිණ එය පානය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අනතුරුව එම පිරිසෙන් කිහිපදෙනෙකු මත්පැන් පානය කළ ස්ථානයේ සිට ගොඩ දෙසට පීනමින් සිටියදී මෙම සිසුවා අනතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි.

අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා පානදුර පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පාරු යොදාගනිමින් මේ වනවිටත් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

බණ්ඩාරගම  පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලීස් පරීක්ෂණ ක්‍රියාත්මකය. මේ වනවිට අතුරුදන්ව සිටින ඉසුරු මේනක සිසුවා සිය මිතුරෙක් සමග අවසන් වරට ලබාගත් සෙල්ෆි ඡායාරූපය දැක්වේ.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now