ලොහාන් කෝපවී හදිසියේ තීරණයක් ගන්නා බව අගමැතිට දන්වයි..

Political Mahinda Rajapakshe Lohan rathwaththe S. B Disanayake
By Aruna Mar 05, 2022 11:45 PM GMT
Report

සිදුවුණු කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කණස්සල්ලට පත්ව සිටින්නේ යැයි වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඉදිරියේ දී දේශපාලන තීන්දුවක් ගැනීමට ඔහු සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

මහනුවර දිස්ත්‍රික්කයෙන් දිලුම් අමුණුගම මහතා ට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවූ අතර එස්.බී. දිසානායක මහතාද කර්මාන්ත ඇමතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයට එක් විය.

ලොහාන් රත්වත්තේ මහතා තම හිතවත් පිරිස් සමග සඳහන් කර ඇත්තේ පසුගිය ආණ්ඩුවේ ඇමතිකම් දැරූ පුද්ගලයන්ටද මෙම රජයේ කැබිනට් අමාත්‍ය ධුර හිමිවීම ගැන කනස්සල්ලට පත්ව සිටින බවයි.

ඔහු ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි. 2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා බොහෝ දෙනා හැර යද්දී තමන් සමග දිගටම සිට ඔහු අරක්ෂා කල බවද රත්වත්තේ මහතා තවදුරටත් සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now