අස්වු රාජ්‍ය ඇමති වෙනුවට පත් වූ නව රාජ්‍ය ඇමති - ආණ්ඩු පක්ෂයේ පෙරළියක්..!

politics parliament Jayantha Samaraweera Lahan Rathvaththe
By Sewvandhi Mar 10, 2022 06:27 AM GMT
Report

ලොහාන් රත්වත්තේ මහතා අද (10) උදෑසන රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දී තිබේ.

ඒ අනුව ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද එම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි

එනම්,රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ජයන්ත සමරවීර ඉකුත් දිනවල දී තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළ සිටියා.

කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර අමාත්‍ය විමල් වීරවංශ ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now