පුද්ගලයින් අට දෙනෙකුට මරු කැදවූ අකුණු සැර... සංවේදි පුවත..(විදෙස්)

India Climate Change Weather
By Sithumi Sep 03, 2023 01:55 PM GMT
Report

ඉන්දියාවේ දිස්ත්‍රික්ක කිහිපයක අකුණු සැර වැදී සිදුවු අනතුරුවලින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබෙනවා.

අකුණු සැර වැදීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර ඉදිරි දින 04ක කාලය තුළ අකුණු සැර අනතුරු සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමුකරන ලෙස ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එරට දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව වෙත අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබෙනවා.

ඊට අමතරව ඉදිරි පැය 48 තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් අධික වැසි ඇති විය හැකි බවටද එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇති බව සඳහන් වනවා.

- සිතුමි -