ලෝකයම ආදරය කරන මෙසීට මරණ තර්ජනයක් - වෙඩි ප්‍රහාර 14ක්..

Lionel Messi
By krishani Mar 03, 2023 04:52 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩක මෙසීගේ බිරිඳ වන Antonella Roccuzzoගේ පවුලට අයත් Rosario හි පිහිටි සුපිරි වෙළෙඳසැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී වෙඩික්කරුවන් විසින් සටහනක් තබා ගොස් ඇත.

එහි සටහන්ව ඇත්තේ "මෙසී අප ඔබ එනතුරු බලාසිටිනවා, Rosario හි නගරාධිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහුට ඔබව ආරක්ෂා කළ නොහැකියි" යනුවෙන් ය.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති අතර වෙඩිතැබීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

සුපිරි වෙළෙඳසැලට හානි සිදුව ඇති අතර එහිදී සැකකරුවන් විසින් වෙඩි ප්‍රහාර 14ක් එල්ලකර ඇත.

වෙඩිප්‍රහාරයට හේතුව මේ වනතෙක් පැහැදිළිව අනාවරණය වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join