ඉස්සර ගුණයි කියලා කාපු "පීකුදු" දැන් කෑවොත් වෙන දේ මෙන්න.
සතුන්ගේ ආහාර සාමාන්‍යයෙන් ප්‍රෝටීන් ඝන ප්‍රභවයක්. විටමින් බී, යකඩ, පොස්පරස්, තඹ, මැග්නීසියම්, විටමින් A, විටමින් D, විටමින් E සහ විටමින් K ඇතුළු විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත්. ඒ අතරින් පීකුදු කියන්නේ ලෝකය පුරා ජනප්‍රිය මාංශ ආහාරයක්. මේ පීකුදු පෝෂණ ගුණයෙන් බහුල ආහාරයක් ලෙසයි සැළකෙන්නේ. ෆෝලික් අම්ලය, යකඩ, ක්‍රෝමියම්, තඹ සහ සින්ක් අඩංගු වන අතර එය හදවතට සහ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම ඉහළ නැංවීමට උදව් වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ නම් ගොඩක් දෙනෙක් ප්‍රිය කරන්නේ කුකුල් පීකුදු වලටයි. හැබැයි ඒ කොහොමවුණත් මේ වන විට සොයාගෙන තිබෙන්නේ පීකුදු ලෝකයේ තියෙන නරකම ආහාර වලින් එකක් බවයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ විද්‍යාඥන් නම් පවසන පරිදි ඊට හේතු කිහිපයක්ම තිබෙනවා.
? පීකුදු වල මේදය බහුල වන අතර විටමින් A ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මේවා මිනිස් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමන අතර ඔබට අතුරු ආබාධ තත්වයන් ඇති වෙන්න පුළුවන්.
? මෙහිදී සොයාගත් තවත් කරුණක් වන්නේ කුකුල් පීකුදු වල බැර ලෝහ අඩංගු වීමයි. විශේෂයෙන්ම බ්‍රොයිලර් කුකුළන්ගේ. වාණිජ වශයෙන් නිපදවන එම කුකුළු ආහාර සඳහා කාබනික ඛනිජ ලවණ එකතු කරනවා.
? මෙහිදී වාණිජ කුකුළු පාලනයේදී ඌනතා රෝග වැළැක්වීමට කුකුළු කෑම සඳහා එක් කරන සින්ක්, කොපර් හා මැග්නීසියම් වැනි අංශුමාත්‍ර මූලද්‍රව්‍යද අනුමත ප්‍රමාණයට වඩා අඩංගු වෙනවා. මේවා මිනිස් සිරුරට අහිතකර සෞඛ්‍යම ගැටළු ඇති කරවනවා. විශේෂයෙන්ම බැර ලෝහ අපේ සිරුරේ විවිධ ඉන්ද්‍රියයන් වල එකතු වී ස්නායු ආබාධ, අස්ථි ආබාධ හා අක්මාවේ ආබාධ, පිළිකා, වකුගඩු ආසාදන ඇති කරන්න හේතු වෙනවා.
? ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ අධික ලෙස සතුන්ට ලබදීම මිනිසුන්ගේ සෞඛ්‍යට අහිතකරයි.
? මිනිසුන්ට මෙන්ම සතුන්ටද භයානක විෂ ද්‍රව්‍ය සහ සෞඛ්‍යයට අහිතකර ඇෆ්ලැටොක්සින්, විෂකාරක දිලීර ප්‍රධාන වශයෙන් Aspergillusflavus, Aspergillusparasiticus සහ Aspergillusnomius මගින් නිපදවනු ලබනවා. Aflatoxins, කුඩා ප්‍රමාණවලින් වුවද, දුර්වල ගුණාත්මක ආහාර හේතුවෙන් මිනිසාට මෙන්ම ගොවිපල සතුන්ටද විභව විෂ, පිළිකා කාරක, විකෘති බලපෑම් ඇති කළ හැකි සංයෝගයක්. පර්යේෂණයන්ට අනුව, කුකුල් මස් අක්මාව සහ ගිසාඩ් සාම්පලවල ඇෆ්ලැටොක්සින් බී 1 අනාවරණය වී තිබෙනවා. Aflatoxins B1 අක්මා පිළිකා ඇති කළ හැකි වඩාත්ම විෂ සහිත සහ පිළිකා කාරක ස්වභාවික විෂකාරකයක්.
? එමෙන්ම මස් වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා සෙරනෝල් ඇතුළු කෘතිම සංයෝග භාවිතා කරනවා.