අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට

Sri Lanka Litro Gas Litro Gas Price Sinhala news Special Announcement
By R.rishma Sep 05, 2026 07:51 AM GMT
Report

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇත.

එබැවින් එහි නව මිල රුපියල් 4,365ක්.

එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,750ක් වේ.

තවද කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි මිල රුපියල් 815ක් දක්වා පහත දමා ඇති බව සඳහන්.