ගෑස් බලාපොරොත්තු වෙන අයට හොඳ ආරංචියක්

By Sithumi Apr 25, 2022 11:01 AM GMT
Report

ලිට්‍රෝ ගෑස් සමාගම සිය බෙදාහැරීමේ කටයුතු මේ වනතෙක් ආරම්භ කර නොමැති බවට තොරතුරු වාර්තා වෙයි. අප වාර්තාකරු පැවසුවේ කෙරවලපිටිය මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෑස් බෙදාහැරීමේ පර්යන්තයෙන් අද (25) ගෘහස්ථ ගෑස් වෙළෙඳපොළට බෙදා හැරීමේ කටයුතු සිදු නොවූ බවය.

පසුගිය 12 වනදා සිට ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව නතර කෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගම මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. එම සමාගම වැඩිදුරටත් පැවසුවේ ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (25) සිට නැවත ආරම්භ කරන බවය.