මත්පැන් සමාගම් වලට රතු නිවේදනයක් - දින 14ක් ලබා දෙයි..
                                    
                    Ranjith Siyambalapitiya
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ, මත්පැන් නිෂ්පාදනාගාරවලින් අය වියයුතු බදු මුදල් දින 14ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ සමාගම් වෙත උපදෙස් දී ඇති බවයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එම සමාගම් වෙතින් බදු හා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි 616ක පමණ මුදලක් රජයට අය වියයුතුව ඇති බවයි.
මත්පැන් නිෂ්පාදන සමාගම් 10 වෙතින් එලෙස බදු මුදල් අය කරගැනීමට නියමිත අතර ඊයේ (27) අදාළ සමාගම් කැඳවා දින 14ක කාලයක් තුළ සියලු මුදල් ගෙවීමට පියවරගන්නා ලෙස දැනුම් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එම කාලය තුළ හිඟ මුදල් පියවීමට කටයුතු නොකරන්නේ නම් එම සමාගම්වලට එරෙහිව පියවර ගන්නා බවයි.
 
                 
                 
                                             
        
     
     
     
     
    