මධ්‍යසාර සම්බන්ධයෙන් දින 14ක් ඇතුලත මේදේ කරන්න..මත්පැන් මිල අඩු වෙයි?..

Business Mobile Parliament of Sri Lanka Bar Association of Sri Lanka Income Tax Department
By Aruna Jun 29, 2023 12:02 AM GMT
Report

දින 14 ක් ඇතුළත බදු ගෙවන ලෙස බදු ගෙවීම පැහැර හැර තිබෙන මධ්‍යසාර නිෂ්පාදන සමාගම්වලට රජය විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

බදු ගෙවීම පැහැර හැර ඇති සමාගම් 10 ක් ගෙන්වා ඒ බව දැනුම් දුන් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

එම සමාගම්වලින් බදු සහ ප්‍රමාද ගාස්තු ලෙස රජයට ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 616 ක් බවයි පැවසෙන්නේ.

ඉදිරි දින 14 තුළ හිඟ මුදල් නොගෙවන්නේ නම් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බව ද රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළා.

මේ අතර, මේ වසරේ මධ්‍යසාර නිෂ්පාදන බදු 20% කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබීමද විශේෂත්වයක්.

මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම ලෙස රුපියල් කෝටි විසි එක් දහස් හත්සියයක් අපේක්ෂා කළ නමුත් ගත වූ මාස හයේදී උපයා ඇත්තේ රුපියල් කෝටි හත් දහස් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් යැයි අනාවරණය වී තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ බව අනාවරණය වී ඇත.

මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය අවම වී තිබෙන බවත්, මේ නිසා අපේක්ෂිත ආදායමට ළඟා විය නොහැකි බවත්, මෙම අවස්ථාවට එක් වී සිටි සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් පෙන්වා දී ඇත.

මත්පැන් මිල වැඩිවීම හේතුවෙන් පමණක් ආදායම අඩු වී ඇති බව නිරීක්ෂණය නොවන බව ප්‍රකාශ කර ඇති කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් නිවැරැදිව බදු අය කර ගන්නා ලෙසටත් බදු ගෙවීම් පැහැර හරින නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන ලෙසටත් උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ.

මේ අනුව අධික ලෙස ඉහළ දැමූ මත්පැන් මිල පහල දමනු ඇතැයි බොහෝදෙනෙක් අපේක්ෂාවෙන් සිටියි.