මත්පැන් මිලට කුමක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

Latest Headlines Decision Making
By krishani Mar 27, 2024 10:47 AM GMT
Report

මත්පැන් මිල අඩු කිරීම සඳහා සුරාබදු අඩු කරන බවට පැතිර යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මත්පැන් මිලට කුමක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.. | Liquor In Sri Lanka

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එවැනි සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දක්වා තම දෙපාර්තමේන්තුවට දැනුවත් කිරීමක් හෝ උපදෙස් ලබාදීමක් සිදු කර නොමැති බවයි.

කෙසේ වෙතත්, සුරාබදු අනුපාතිකයන් පහළ හෙළීමක් හෝ කිසිදු මත්පැන් වර්ගයක මිල අඩු කිරීමක් සිදු නොවන බව සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ය.

මේ අතර එළඹෙන සිංහල අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සහ කරන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකද පසුගියදා පැවසීය.

අලුත් අවුරුද්දට කලින් මත්පැන් මිලට කුමක් වෙයි ද?. කරන්න යන දෙයක්..

අලුත් අවුරුද්දට කලින් මත්පැන් මිලට කුමක් වෙයි ද?. කරන්න යන දෙයක්..


ඒ බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.