මත්පැන් වලට ලබන අප්‍රේල් 01 වැනිදා සිට සිදුවන්නට යන දේ මෙන්න..

Sri Lanka Liquor Business
By Aruna Mar 22, 2022 12:22 AM GMT
Report

දේශීය මත්පැන් සඳහා ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම් අප්‍රේල් මස 01 වනදා සිට අනිවාර්ය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරි කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේ කටයුතු පසුගිය ජනවාරි මස ආරම්භ කළ බවයි.

එම ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය කිරීමේ දී මතුවූ තාක්ෂණික ගැටළු හේතුවෙනි එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කල්දැමීමට සිදුවිය.

ආරක්ෂිත ස්ටිකරය ඇලවීමට නොහැකි දේශීය මත්පැන් සදහා ඩිජිටල් සලකුණක් යෙදවීම අනිවාර්ය කර ඇති බව ද කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now