දුම්වැටි සඳහා කරන්න හදන අලුත්ම වැඩේ මෙන්න..

Sri Lanka Political Liquor Cabinet
By Aruna Jan 09, 2022 02:36 AM GMT
Report

මිල සූත්‍රයක් හඳුන්වාදීම හරහා දුම්වැටි මිල ඉහළ දැමීමට නියමිත බවට වාර්තා වනවා.

සති අන්ත පුවත්පතක් මේ ගැන තොරතුරු පළ කළා.

දුම්වැටි සඳහා වන බද්දට අදාළ නව මිල සූත්‍රය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

දුම්කොළ හා මධ්‍යසාර නිෂ්පාදන පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවේ, එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එම අදහස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ පසුගිය දෙසැම්බර් මාසයේදීය. මෙම මිල සූත්‍රය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පවතින උද්ධමනය හේතුවෙන් සිගරට් මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දුම්වැටි සඳහා වන සම්පූර්ණ බද්ද පාරිභෝගිකයින්ට දැරිය හැකි පරිදි මිල නියම කිරීමේ යාන්ත්‍රණය හඳුන්වාදීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now