හාල්, සීනි, පරිප්පු ඇතුළු භාණ්ඩ වර්ග රැසක් සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය මෙන්න....

Business Sugar Sathosa Bandula gunawardhane Rice dal
By Aruna Mar 27, 2022 03:46 AM GMT
Report

හාල්, සීනි, පරිප්පු යන අයිතම මිලදී ගැනීමේදී ඒවා පාරිභෝගියන් වෙත අලෙවි කිරීමේ සීමා සඳහන් කරමින් ලංකා සතොස විසින් චක්‍ර ලේඛයන් නිකුත් කර තිබෙනවා.

මේ අනුව, සියලු තොග අංක යටතේ ඇති සම්බා සහල් උපරිමය කිලෝ 05යි, සියලු තොග අංක යටතේ ඇති නාඩු සහල් උපරිමය කිලෝ 05යි, රතු පරිප්පු උපරිමය ග්‍රෑම් 500යි, සියලු තොග අංක යටතේ ඇති සුදු හෝ රතු සීනි උපරිමය කිලෝ 01ක් යනාදී වශයෙන් සතොස මගින් මිලදී ගැනීමට අවස්ථාව ලබාදී ඇත.

එසේම මෙම අයිතම මිලදී ගන්නේ නම් තවත් අයිතමයක් මිලදී ගත යුතු බවද එහි සඳහන් වෙයි.

මෙම අයිතම මිලදී ගන්නා විට බිල්පතේ අගය රුපියල් 500ට වැඩිනම් කහකුඩු ග්‍රෑම 100 පැකට්ටුවක් මිලදී ගැනීමට අවස්ථාව ඇති බවත් චක්‍රලේඛයේ සඳහන් වෙයි.

මෙම සීමා උල්ලංගණය කරමින් කටයුතු කරන සතොස සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය පරීක්ෂණ පවත්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now