රට ගොඩ යන්න බන්දුලගෙන් යෝජනා 10ක් සහිත ලිපියක් ජනපතිට...

Bandula Gunawardane Gotabaya Rajapaksa Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka
By Subodha Apr 23, 2022 04:33 AM GMT
Report

මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුමක් ඇති මහජන නියෝජතියන් බහුතරයක් පාර්ලිමේන්තුවට පත් නොවීම හා පාර්ලිමේන්තුව කතා මණ්ඩපයක් බවට පත්වීම හේතුවෙන් මේ ආර්ථික අර්බුදය පාර්ලිමේන්තුව වටහා ගැනිමට නොහැකිවූ අතර තමන් ඇතුළු මන්ත්‍රීවරුන් සිය නිල රාජකාරි ඉටු කිරීමට අසමත්වී ඇතැයි හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන ජනාධිපතිට ලිපියක් යවමින් සඳහන් කර ඇත.

මුදල් පිළිබඳව සම්පූර්ණ බලය ඇති පාර්ලිමේන්තුව සිය යුතුකම හා වගකිම නිසි ලෙස ඉටු නොකළ නිසා මේ මහා ආර්ථික ඛේදවාචකයට රට මුහුණ දුන් බව තමා විශ්වාස කරන බව එම ලිපියේ සඳහන් කර ඇත.

ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස යෝජනා 10ක් එම ලිපියෙන් ඉදිරිපත් කර ඇත.

ඇමැති වැටුප් නොලබන සමාජයම පිළිගත හැකි යහපත් පැවැතුම් ඇති උගත්,කාර්යශූර තරුණයන් 15 දෙනකුගෙන් යතු කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කිරීම,සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡාකර ඇතිකර ගනු ලබන එකඟතා මත විෂය පිිළිබඳ අත්දැකීම් ඇති තවත් ඇමතිවරු 10ක් පත් කිරීම, රජ්‍ය ඇමති තනතුරු ඉවත් කර නියෝ්‍ය ඇමැතිවරු 25ක් පත් කිරීම හා සුදුසු ආයතන ප්‍රධානීන් පත් කිරිම, ආර්ථික අර්බුදයට විසඳම් නිර්දේශ කිරීමට විපක්ෂ මන්ත්‍රිවරයකුගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම, හිටපු කැබිනට් ඇමැතිවරුන්ගේ කැමැත්ත මත වැටුප් නොලබන ජනාධිපති උපදේශකයන් පත්කිරීම,වංචා දූෂණ, අක්‍රමිකතා පිළිබඳ විභාග කර දඬුවම් කළ හැකි අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාපත් පත්කිරීම එම යෝජනා අතර වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now