ඇමැති වාසුගෙන් ජනපතිට හදිසියේම ලිපියක්..?

politics Vasudeva Nanayakkara Udaya Gammanpila Vimal Weeravansha Gotabhaya Rajapajsha
By Sewvandhi Mar 06, 2022 11:48 AM GMT
Report

කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගි නොවුණ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම්දී ඇතැයි වාර්තා වේ.

ඇමති තනතුරුවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට සාධාරණය ඉටුවනතුරු තමන් ඇමැති ධුරයේ කටයුතුවලින් දිගටම වැළකී සිටින බව ද ඇමතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත .

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙදෙනාට සාධාරණය ඉටු වන තුරු තමන් ඇමති ධුරයේ කටයුතු වලින් වැළකී සිටින බව නානායක්කාර මහතා හවුල් පක්ෂවල නායකයින්ගේ සහභාගිත්වයෙන් ඉකුත් සිකුරාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now