ස්වාභාවික බේබි සබන් ගෙදරදීම හදාගමු .

Sri Lanka
By Wayomi Jun 01, 2022 12:01 PM GMT
Report

මේ දවස්වල් බබාලා නාවන්න බේබි සබන් කැටයක් ගන්න ලේසි නැහැ. ඒවායේ මිල ගණන් රුපියල් 200ටත් වැඩියි. ඉතින් ඒකට පිළියමක් ලෙස බබාටත් වැඩිහිටියන්ට කිසිම අගුණයක් නැති ස්වාභාවික සබන් කැටයක් ගෙදරදීම හදාගමුද? 

අවශ්‍ය ද්‍රව්‍ය

- කෝස්ටික් සෝඩා 90g

- පිරිසිදු පොල්තෙල් හෝ ඔලිව් තෙල් 550g

- ක්ලෝරීන් මිශ්‍ර නැති ජලය 250g ( සේරම බර වලින් ගන්න)  


සාදාගන්න ආකාරය

- අතට ග්ලවුස් දෙකක් දාගන්න

- කෝස්ටික් සෝඩා ප්ලාස්ටික් බේසමකට දාලා වතුර එකතු කරමින් බීටරෙන් විනාඩි 3ක් බීට් කර ගන්න

- ඉන් පසුව එය ලිපේ තියලා රත් කරන්න.

- විනාඩි 3 ගියාට පස්සේ බ්ලිපෙන් බාලා නිමෙන්න තියන්න.

- පසුව පොල්තෙල් එකතු කර විනාඩි 30ක් පමණ බීට් කරගන්න.

- ඉන්පසු මෙයට කස්තුරි කහ හෝ සුදුහදුන් වගේ පව්ඩර් මේස හැදි 2ක් වගේ එකතුකරන්න. එහෙමත් නැත්නම් කොහොඹ කොළ හෝ කෝමාරිකා ඉස්ම බ්ලෙන්ඩ් කරලා 50g පමණ එකතු කරන්න.

- සුදුහදුන් තෙල් බින්දු කීපයක් දාන්න.

- පසුව ඒවා මිශ්‍ර වෙන්න බීට් කරගන්න.

- යෝගට් කෝප්ප අරන් ඒවායේ තෙල් ගාගන්න.

- පසුව සාදාගත් ද්‍රවණය දාගන්න.

- එය සවි වෙන්න පැත්තකින් තබන්න.

- දවස් තුනකට පසු එළියට අරන් බලන්න.