පුපුරණ ද්‍රව්‍ය සහිත ගමන් මල්ලක් ගුවන්යානයක තැබීමට ගිය පුද්ගලයා අල්ලයි..

By Sewvandhi Mar 02, 2023 10:12 AM GMT
Report

පෙන්සිල්වේනියා "Lehigh Valley" ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලධාරීන්, ගුවන්යානයක පුපුරණ ද්‍රව්‍ය සහිත ගමන් මල්ලක් තැබීමට උත්සාහ කළ පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

මාක් මෆ්ලි නැමති පුද්ගලයෙක්ට අයත් ගමන් මල්ලක් ගුවන්යානයට දැමීමට පෙර පරීක්ෂා කරන විට අනතුරු හැඟවීමේ සංඥා නිකුත්වී තිබුණි.

අනතුරුව එම ගමන්මල්ල වෙන්කර පරීක්ෂා කරන විට එහි පුපුරණ ද්‍රව්‍ය තිබී ඇත. පුපුරණ ද්‍රව්‍ය හමුවීමෙන් පසුව මාක් මෆ්ලිව ආරක්ෂක නිලධාරීන් කැඳවා ඇති නමුත් ඔහු ගුවන්තොටුපොළෙන් පැනගොස් තිබුණි.

නමුත් පසුව ඔහුව නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now