දශක තුනකට පසු යුරෝපයේ විශාලතම වාර්ෂික යුද වියදම.

Russo-Ukrainian War Europe
By Wayomi Apr 24, 2023 09:03 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

දශක තුනකට පසු යුරෝපයේ විශාලතම වාර්ෂික යුද වියදම පසුගිය වසරේ වාර්තා වී තිබෙනවා.

ඒ, රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන්.

එම වියදම ඩොලර් ට්‍රිලියන 2.24 ක්.

ස්ටොක් හෝම් ජාත්‍යන්තර පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව එය සියයට 13 ක වැඩිවීමක්.

2022 වසරේ පෙබරවාරි මාසයේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුරෝපා රටවල් තම ආරක්ෂාව වෙනුවෙන් අවි ආයුධ සහ හමුදා බලය තර කිරීමට පියවර ගැනුණා.

යුක්රේනයේ යුද වියදම සියයට 640 කින් ඉහළ ගොස් ඇති අතර එය 1949 සිට මේ දක්වා සිදුකළ වැඩිම වාර්ෂික වියදමයි.

කෙසේ වෙතත් ඊට බටහිර රටවල් විසින් සපයනු ලැබූ සියලුම මූල්‍යමය සහ යුද ආධාර ඇතුළත් නොවන බවද සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW