මහ බැංකුවෙන් රටටම එකවරම විශේෂ පණිවිඩයක් මෙන්න..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Apr 05, 2024 12:20 PM GMT
Report

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය තුළ දී 9.5%කින් ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුවෙන් රටටම එකවරම විශේෂ පණිවිඩයක් මෙන්න.. | Lankas Official Reserves Approach Dollar5 Billion

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඒ අනුව 2024 පෙබරවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 4.52ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය අවසානය වන විට ඩොලර් බිලියන 4.95ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 9.6% කින් මාර්තු මාසය තුළ දී ඉහළ ගොස් ඇත.

එහිදී 2024 පෙබරවාරි මාසය අවසානයේ දී මහ බැංකුව සතුව පැවති ඩොලර් බිලියන 4.48 ක්වූ විදේශ විනිමය සංචිතය 2024 මාර්තු මාසය අවසන් වන විට ඩොලර් බිලියන 4.91ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

මේ අතර 2024 මාර්තු මාසය තුළ දී මහ බැංකුව සතු රන් සංචිතය ද ඩොලර් මිලියන 31 සිට ඩොලර් මිලියන 34 ක් දක්වා 9.1% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

රාජ්‍ය සේවයට අලුත් බලාපොරොත්තුවක්?. ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

රාජ්‍ය සේවයට අලුත් බලාපොරොත්තුවක්?. ගත්ත විශේෂ තීරණයක් මෙන්න..


මෙම සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වේ.

කෙසේ වෙතත්, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.