දිස්ත්‍රික්ක 05කට අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කෙරේ..!

Climate Change TN Weather Landslide In Sri Lanka Weather
By Sewvandhi Dec 30, 2023 11:40 AM GMT
Report

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05ක හඳුනාගත් ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම නිවේදන අද (30) ප.ව. 2:30 සිට හෙට (31) ප.ව. 2:30 දක්වා වලංගු වන බවයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සොරනාතොට, පස්සර යන ප්‍රදේශවලට, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයට, මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රදේශයට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, වලපනේ ප්‍රදේශවලට අදාළ වන පරිදි එම නායයෑමේ අනතුරු ඇඟවීමේ (මට්ටම 2 යටතේ) නිවේදන නිකුත් කර තිබේ.

දිස්ත්‍රික්ක 05කට අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කෙරේ..! | Landslide Warning Sri Lanka

පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හාලිඇල සහ බණ්ඩාරවෙල ප්‍රදේශ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලෙගම, රත්තොට, නාඋල යන ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ