දේශපාලන ප්‍රබලයෙකුගේ නිවස මතට පස් කන්දක් කඩා වැටෙයි - අනතුර සිදුවන විටත් සියලු දෙනාම නිවසේ ඉඳලා.. එහි තත්ත්වය..

Matara Sri Lanka Landslide In Sri Lanka Weather
By krishani Oct 06, 2023 01:12 PM GMT
Report

ඊයේ (05) රාත්‍රී 11ට පමණ මාතර - වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඉන්දික අබේකෝන්ගේ වැලිහිඳ ප්‍රදේශයේ පිහිටි නිවෙස මතට පස් කන්දක් කඩා වැටී ඇත.

එම අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රී පවුලේ සියලු දෙනාම නිවසේ සිට තිබෙනවා. 

ඔවුන් සියලු දෙනා දිවි බේරාගෙන ඇත්තේ, නිවසෙන් පිටතට දිවගොස් ය.

කෙසේ වෙතත්, මෙම පස් කන්දට ඉහළින් තවත් නිවාස කිහිපයක්ම තිබෙනවා.

එම නිවාස ද අවදානම් තත්ත්වයක පවතින බව සඳහන් වේ.