මහාරාෂ්ට්‍රයම සංවේදී කරමින් 20ක් මියගොස් 100ට අධික පිරිසක් අතුරුදන් වෙයි..

Government Of India India Weather
By krishani Jul 21, 2023 06:06 PM GMT
Report

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදු වූ නායයෑමෙන් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ අතර තවත් සියයකට අධික පිරිසක් අතුරුදන් වී තිබෙනවා.

පසුගිය බදාදා රාත්‍රියේ රයිගාඩ් දිස්ත්‍රික්කයේ ඉර්ෂල්වාඩි ගම්මානයේ සිදු වූ මෙම නායයෑමෙන් නිවාස 17 විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඊයේ (20) රාත්‍රියේ එම ප්‍රදේශයට ඇඳහැලුන අධික වර්ෂාව හේතුවෙන් නවතා දැමූ ගලවා ගැනීමේ මෙහෙයුම් යළි ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් කඳු පාමුල සහන කඳවුරු පිහිටුවා ඇති අතර මේ වන විට පුද්ගලයින් 98 දෙනෙකු පමණ බේරාගෙන ඇත.