ගාස්තු අඩු, වැඩි වෙනකොට ජනතාව ඒවට පුරුදු වෙන්න ඕනේ - ලාල්කාන්ත

Latest Headlines K.D. Lalkantha Sinhala news NPP Government SriLanka - Puwath
By Shehan Jun 14, 2025 12:49 PM GMT
Report

විදුලිය හෝ වෙනත් ඕනෑම භාණ්ඩයකට යන පිරිවැයක් ඇති බවත්, එම පිරිවැය අනුව මිල වෙනස්වන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

වත්මන් ආණ්ඩුවට බලයට පැමිණි විට විදුලිබිල අඩු කළ බවත්, මේ අවස්ථාවේදී විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනතාවට එයට හුරු විය යුතු බවත්, අඩු වන විට එයට පුරුදුවිය යුතු අතර, වැඩි වන විට එයට ද පුරුදු විය යුතු බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙරට දේශපාලන සංස්කෘතියේ ද ගැටලුවක් පවතින බවද, විදුලි ගාස්තු අඩු කළ විට පෙනී සිටින බවද, ගාස්තු වැඩි කළ විට හැංගෙන බවද, එම දෙකම සිදු නොකළ යුතු ඒවා බවද ඔහු පෙන්වා දෙනවා.

නැවතත් අඩුවෙන අවස්ථාවක් හෝ වැඩිවන අවස්ථාවක් පැමිණිය හැකි බවත්, එම දෙකම දරාගෙන ඉදිරියට යා යුතු බවයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.