ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අධිචෝදනා භාරදී ඇප මත මුදාහරී

Lakshman Yapa Abeywardena Law and Order Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 07, 2026 10:09 AM GMT
Report

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට අධිචෝදනා භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව අදාළ අධිචෝදනා ගොනු කර තිබේ.