මුළු රටම හඬවමින් සුරූපී කථිකාචාර්ය මෙනවියක් අවසන් ගමන් යයි..නෙතට කඳුලක් ගේන සංවේදී සිදුවීම මෙන්න.(VIDEO/PHOTOS)

University of Colombo Accident Death Education
By Aruna Feb 19, 2024 03:02 AM GMT
Report

කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශයේ සේවය කරමින් සිටි,සහකාර කථිකාචාර්ය ලක්මිණි බෝගමුව මෙනවිය අවාසනාවන්ත ලෙස මෙලොව හැරගොස් තිබෙනවා.

ඒ ඇය, පසුගියදා සිදුවූ රිය අනතුරකින් අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ.

මුළු රටම හඬවමින් සුරූපී කථිකාචාර්ය මෙනවියක් අවසන් ගමන් යයි..නෙතට කඳුලක් ගේන සංවේදී සිදුවීම මෙන්න.(VIDEO/PHOTOS) | Lakmini Bogamuwa Accident Death

ඇය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙක් සිය සාතිශය සංවේගය පළකර තිබුණේ මෙලෙසින්,

...සමාජ මාධ්‍යයෙන් උපුටා ගැනීමක්...

ආදරණීය දියණියනි මෙලොව සෑම දෙයක් පිළිබඳවම නැවත නැවත ත් මෙනෙහි කර සිතා බැලීමට වෙහෙස කරවන ඔබේ අකල් වියෝව පෞද්ගලිකව මටත් මගේ පවුලේ සැමටත් කිසිලෙසකත් දරා ගත නොහැකි තරම් වූ හදවත සසල කල වෙන්ව යාමකි .

මුළු රටම හඬවමින් සුරූපී කථිකාචාර්ය මෙනවියක් අවසන් ගමන් යයි..නෙතට කඳුලක් ගේන සංවේදී සිදුවීම මෙන්න.(VIDEO/PHOTOS) | Lakmini Bogamuwa Accident Death

ආදරණීය සුන්දර තාත්තා කෙනෙකු සහ අම්මා කෙනෙකු දෙව්ලොවින් ලද උතුම් වස්තුවක් ලෙස සුරැකි ඔබ අප සියල්ල හැර ගොස් හමාරය.

ඔබ මගේ දියණියක නොවුවද ඔබද අප පවුලේම ආදර දියණියකි.

ඔබ කුඩා කල සිට අප ඇසුරේ යෞවනයේ කිරුළු දරමින් අප හිත මිතුරු චන්ද්‍රසිරි බෝගමුව සහෘදයානන් තෝරා ගත් සරසවි ශාස්ත්‍රීය මග යමින්, මේ කෙටි කාලය තුළ ඔවුන්ගේ සිත් සතන් සපුරා ලමින් සුන්දර විවාහ ජීවිතයකට සූදානම්ව, ඔබ සිත කැමති කුමරෙකු සමඟ අතිනත ගැනීමට සූදානම්ව සිටි ඔබගේ මංගල ආරාධනා රැගෙන අප නිවසට නොබෝ දිනකින් පැමිණෙතැයි අප බලා සිටි සිතිවිල්ල අපට අහිමි කර , ඔබ වෙනත් ගමනක් ඔබේ ආදරණීය ස්වාමි පුතුටත් ටත් නොකියාම ගොස් හමාරය.

එය අප සැමට දරාගැනීමට බොහෝ සෙයින් අසීරු වනු ඇත . අප හිත මිතුරු චන්ද්‍රසිරි සහ ආදරණීය බිරිඳ කෙසේ නම් දරා ගනීවිද සිතාගැනීමට නොහැකි තරම් මගේ හිත අසීමිත ලෙස දුබලය.

කුඩා ලදරියක ලෙස පටන් හෙට දවසේ මනාලියක ලෙස අපගේ සුබ පැතුම් ලැබීමට සූදානම්ව සිටි ආදරණීය ඔබගේ අසීමිත ඉගිලෙන මතක සමුදාය ජීවිතය ගැන නොසිතූ පාඩමක් කියාදෙයි .

ඔබේ කෙටි කාලය තුළ ජීවිතයේ සතුටු තෑගි හැමට ප්‍රධානය කර ඇත. ඒ සතුට සමග ඔබ නික්ම ගොස් හමාරය .

ඒ සියලු දුක හඬා නිමා කළ නොහැකි බව නම් පසක් වේ. Lakmini ආදරණීය දියණියනි ,අපි නැවත තවත් දවසක හමුවේවි.

අපේ සුන්දර මතක අතර ඔබ නොමියෙන රෝස මලකි.

ඔබට සුභ ගමන්......!

ඇය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන් කිහිපයක් පහතින්,



GalleryGalleryGalleryGalleryGallery