ළහිරු වීරසේකර ගැන අධිකරණය දුන් තින්දුව

By Sewvandhi Sep 10, 2022 11:58 AM GMT
Report

පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (09) අත්අඩංගුවට ගත් අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකර ට අද (10) ඇප නියම කර තිබේ. රුපියල් ලක්ෂ 2ක පුද්ගල ඇපයක් මත ඔහුව මුදාහැරීමට එලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මරදාන පොලීසිය අත්අඩංගුවට ගත් "වෙනසක තාරුණ්‍ය" සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකරව අද (10) පෙරවරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ද ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. 

 අරගලකරුවන් ඊයේ (09) පස්වරුවේ ගාලු මුවදොරට රැස්වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මියගිය හා සිරගතවුවන් සිහිකරමින් ඉටිපන්දම් දැල්වීමක් සිදුකර තිබුණි. එම සැමරුම අවසන් වී යළි එමින් සිටියදී ළහිරු වීරසේකරව මරදාන පොලිස් නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත්තේය. ඒ අගෝස්තු 30 වනදා මරදානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේය.