"ලග්න 08කට අද මල් 07යි.. හැබැයි අනිත් ලග්න වලට මෙහෙමයි.." - ඔයාගේ ලග්නයටත් කොහොමද කියලා බලලම දවස පටන් ගන්න දැන්ම මෙතනින් පිවිසෙන්න.

Astrology Lagna Palapala Jothishya Lagna
By krishani Nov 28, 2023 12:14 AM GMT
Report

"ලග්න 08කට අද මල් 07යි.. හැබැයි අනිත් ලග්න වලට මෙහෙමයි.." - ඔයාගේ ලග්නයටත් කොහොමද කියලා බලලම දවස පටන් ගන්න දැන්ම මෙතනින් පිවිසෙන්න. | Lagna Palapala 28Th November 2023

මේෂ 🟢 

අද ඔබට ඉතාම ශුභ දවසක්.කතාව ආකර්ශනීයයි.හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩු පාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවයි.අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී.

වෘෂභ 🟢

අද ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි.ඔවුනගේ උදව් උපකාර ද ලැබෙයි. උසස් සිතුවිලි ඇති වේ.ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ඇත. ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ. අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී.

මිථුන 🟢

ඔබට අද ශුභදායක නොවේ. සිත නිතර චංචල වේ. දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරුයි. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ. අවංක අදහස් ඉස්මතු වේ.

කටක 🟢

අද ඔබට ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වේ.සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යයි. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාව ද ලැබේ. රූප ශෝභාව සහ උසස් ගතිගුණ ඇති කරයි.

සිංහ 🟢

ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙයි.සාමාන්‍ය හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ.ඔබට අද හැම අතින්ම වාසනාව ගෙන දෙන දවසක්.දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ලැබෙයි.

කන්‍යා 🟢

අද ඔබේ දියුණුවේ දොරගුලු විවර වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වේ.ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වේ. එය ඔබේ මතු දියුණුවට යහපත් ය.ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි.

තුලා 🟢

ඔබට අද දිනය එතරම් යහපත් නොවේ. ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත් විය යුතුය.ප්‍රතිපත්ති ගරුක අවංක අදහස් ඉස්මතු වේ. අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී. බාහිර අලංකාරයට හා විනෝදයට සිත ඇදෙයි.

වෘශ්චික 🟢

විවාහ අපේක්ෂකයන්ට අද ඉතාමත් ශුභ දවසක්.එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකිය.සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබෙයි.ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.

ධනු 🟢

ඔබ අද තම මතය වෙනුවට අන්‍යන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. ශරීර සෞඛ්‍ය හීන විය හැකිය.ඒ හේතුවෙන් මානසික තෘප්තිය අඩු විය හැක.අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී.

මකර 🟢

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩි වෙයි.තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. උසස් ගතිගුණ ඇති වේ. ප්‍රතිපත්ති ගරුක අවංක අදහස් ඉස්මතු වේ.එමෙන්ම අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී. බාහිර අලංකාරයට හා විනෝදයට සිත ඇදී යයි. ධන යෝගයක් ද ඇත.

කුම්භ 🟢

මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට අද ඔබට හැකියාව ලැබෙයි. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගනි.එය ඔබට සතුට ගෙන දෙයි. සිතේ සෞම්‍ය හැඟුම් පහළ වේ. රූප ශෝභාව සහ උසස් ගතිගුණ ඇති කරයි.අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී. ධන යෝගයක් ද ඇත .

මීන 🟢

අද ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි.තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් වාසනාව ලැබෙයි.තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. උසස් ගතිගුණ ඇති කරයි. ධන යෝගයක් ද ඇත.

"වැල්ලෙත් බඹර කැරකෙන, හැම අතින්ම වාසනාව ගෙන දෙන ප්‍රබල ග්‍රහ යෝගයක්.. " - බලන්නකො ඔයාගේ ලග්නයට අද කොහොමද කියලා.

"වැල්ලෙත් බඹර කැරකෙන, හැම අතින්ම වාසනාව ගෙන දෙන ප්‍රබල ග්‍රහ යෝගයක්.. " - බලන්නකො ඔයාගේ ලග්නයට අද කොහොමද කියලා.