අද ලග්න 06ක අයට ඉතාමත් යහපත් දිනයක් වේ..අනෙක් ලග්න වල අය පරිස්සම් වන්න..

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Dec 11, 2023 11:16 PM GMT
Report

මේෂ ලග්නය

ක්‍රියාකාරී දිනකි. තම අරමුණු පසෙකලා අනුන් වෙනුවෙන් ක්‍රියාකිරීමට හේතුයි. අවිවේකී බවක් දෙයි. නව වැඩ ඇරඹීමට ද හේතුයි. මහජන ප්‍රසාදයට පත්වන දිනකි. තම තත්ත්වයේ උසස් වීමකට හේතුයි. ස්නායු ගත රෝග සන්ධි ප්‍රදාහ මතු කරයි.

වෘෂභ ලග්නය

රාජකාරි බහුල වන අතර තම ක්‍රියාකාරකම් විවේචනයට බඳුන් වෙයි. ඉවසීමෙන් ක්‍රියාකළයුතු ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදේ. තරමක් මිල මුදල් වැඩිපුර වැයවන දිනකි. ජීර්ණ මාර්ග පද්ධතියේ රෝග මතු කරයි.

මිථුන ලග්නය

අවිවේකී බව ගෙනදෙන දිනකි. රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් බහුල වෙයි. නීතිමය ගැටලුවක් ශුභවාදීව විසඳේ. තරමක් මිල මුදල් වැයකිරීමට සිදුවන දිනකි. හදිසි ධනලාභ ද ලබයි. මුත්‍රා ආසාදන ආමාශ රෝග මතුකරයි.

කටක ලග්නය

රාජකාරි ක්‍රියා බහුලයි. සුහද හමුවීම් සාකච්ඡා වැනි දේවලට හේතුයි. නව ක්‍රියාකාරකම් ඇරඹීමට ද ශුභයි. අන් අයගෙන් උදව් උපකාර ලබයි. තරමක් සතුට සිතින් දවස ගෙවයි. සිරසගත රෝග පීඩා වැනිදේට හේතුයි.

සිංහ ලග්නය

කාර්ය බහුල දිනකි. කෙටි ගමන් බිමන් යෙදේ. ගමනේ දී ප්‍රවේශම ද මැනවි. ආගමික වතාවන් පුදපූජා වැනි දේට මුල්තැනදී ක්‍රියාකරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර ආමාශගත රෝග මතුකරන දිනකි.

කන්‍යා ලග්නය

ශුභවාදී ඵල මතු කරයි. නමුත් තරමක් හුදකලා අයුරින් ක්‍රියා කිරීමට සිදුවෙයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමුවන අතර තම ළඟම ඥාතීන් වෙනුවෙන් දවස කැප කරයි. සෙම් බහුල රෝග මතු කරයි.

තුලා ලග්නය

ශුභාශුභ මිශ්‍ර ඵලදෙයි. කෙටි ගමන් යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. වැයපස ද තරමක් ඉහළ යයි. දහමට ලැදිව ක්‍රියාකරයි. පුද පූජාවල යෙදේ. හදිසි රෝග, ආසාදන මතු කරයි.

වෘශ්චික ලග්නය

ශුභවාදී ඵල මතු කරයි. ඥාතී සබඳතා වර්ධන ක්‍රියා දියත් කරයි. තරමක් විනෝදජනක ක්‍රියාවල ද යෙදේ. දහමට ලැදිවෙයි. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමුවන දිනකි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුවෙයි.

ධනු ලග්නය

ශුභාශුභ ඵලදෙයි. කෙටි ගමන්වල යෙදෙන අතර ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වෙයි. තම ව්‍යාපාරවල පහත වැටීමට හේතුයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ. විනෝද ගමන් දුරගමන් යෙදේ.

මකර ලග්නය

ශුභාශුභ ඵල දෙයි. තම ආර්ථිකයේ පහත වැටීමට හේතුයි. හුදකලා තත්ත්වයෙන් පසුවන අතර තම ඥාතීන් සමග ඒකරාශීව ක්‍රියාකරයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. බලාපොරොත්තු නොවන ලෙස මිල මුදල් වැය වේ.

කුම්භ ලග්නය

ශුභාශුභ ඵල දෙයි. තරමක් ක්‍රියාශීලී දිනකි. තම ආදායම් මාර්ගවලින් සෑහීමකට පත්වෙයි. නමුත් ළඟම ඥාතියකු නිසා වැයපස ඉහළ යයි. මූලරෝග බඩවැල ආශ්‍රිත රෝග මතුවේ. කාලය හා ධනය වැයවන දිනකි.

මීන ලග්නය

ශුභාශුභ ඵලදෙයි. තරමක් වෙහෙසව ක්‍රියා කරයි. තම ආර්ථික වාසි සලසා ගනී. නවක මිතුදම් ඇති වෙයි. දහමට ද ලැදිව ක්‍රියාකරයි. සෙම් රෝග, ඌෂ්ණ රෝග මතු කරයි. විනෝද ගමන් වන්දනාගමන් යෙදෙයි.