"අද මේ දේවල් වලින් සහමුලින්ම ඈත් විය යුතුයි.. හේතුව මේකයි.." - ඔයාගේ ලග්නයට අද කොහොමද කියලා බලලම දවස සුබ කරගන්න දැන්ම මෙතනින් පිවිසෙන්න.

Sri Lanka Astrology Lagna Palapala Jothishya Lagna
By krishani Nov 17, 2023 12:05 AM GMT
Report

මේෂ ?

ඔබට අද දියුණුවේ දොරගුලු විවර වේ. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ.

වෘෂභ ?

අද ඔබට යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ.

මිථුන ?

විවාහ අපේක්ෂකයන්ට අද ඉතාම ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී.ගත හිත දෙකම ක්‍රියාශීලී වේ. ඇවිදීමට ද ප්‍රිය කරයි.ස්ථාන මාරුවීම් බලාපොරොත්තු වූ අයට තම සිතැඟි ඉටු කර ගැනීමට ද අවස්ථාවක් වේ.

කටක ?

අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය.හිතවතුන්ගෙන් හොඳ හිත දිනා ගනී. ඔවුන්ගෙන් උදව් උපකාරද හිමි වේ.

සිංහ ?

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි.උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. හිතවතුන්ගෙන් හොඳ හිත දිනා ගනී. ඔවුන්ගෙන් උදව් උපකාරද හිමි වේ. ගත හිත දෙකම ක්‍රියාශීලී වේ.විදෙස් ගමන්, දුර බැහැර ගමන් හෝ ගමෙන් පිටත රැකියාවල වැඩි වාසි අත්වනු ඇත.

කන්‍යා ?

ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ.ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.ආගම දහමට ලැදියාව ඇති අයෙක් වේ. හිතවතුන් ගෙන් හොඳ හිත දිනා ගනී.ඇවිදීමට ප්‍රිය කරයි.

තුලා ?

දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී.පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත. හිතවතුන් ගෙන් හොඳ හිත දිනා ගනී. ඔවුන්ගෙන් උදව් උපකාරද හිමි වේ. ගත හිත දෙකම ක්‍රියාශීලී වේ. ඇවිදීමට ද ප්‍රිය කරයි.

වෘශ්චික ?

අද ඔබට ඉතාම ශුභයි. කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ.අද ඔබට පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අවස්ථාව සැළසේ.ගත හිත දෙකම ක්‍රියාශීලී වේ. ස්ථාන මාරුවීම් බලාපොරොත්තු වූ අයට තම සිතැඟි ඉටු කර ගැනීමට ද අවස්ථාවක් ලැබෙයි.

ධනු ?

අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. සැප සම්පත් ලැබීමට වාසනාව ලැබේ. ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.හිතවතුන්ගෙන් හොඳ හිත දිනා ගනී. ඔවුන්ගෙන් උදව් උපකාරද හිමි වේ.

මකර ?

අද ඔබට ශුභදායක නොවූවකි. දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

කුම්භ ?

අද ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. ඇවිදීමට ප්‍රිය කරයි.

මීන ?

ඔබට යහපත් ප්‍රථිඵල ප්‍රධානය කරයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ.ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක් වේ.