බස් රථවලදී රන් මාල කොල්ල කන කාන්තා කල්ලිය
Galle
robbery
Ambalangoda
Hikkaduwa
gold vhain
By Sewvandhi
ගාල්ල සිට අම්බලන්ගොඩ දක්වා ධාවනය වූ බස් රථයකදී කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලය පැහැරගත් කාන්තාවන් තුන්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා රන් මාලය පැළඳ සිටි කාන්තාව සිය සහෝදරිය සමඟ හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගමන් කරමින් සිටි බස් රථයේ පිටුපස එය පැහැරගත් කාන්තාවන් සිට ඇති බවයි.
කාන්තාව බස් රථයෙන් බසින අවස්ථාවේදී පසුපස දොරටුව අවහිර කරමින් රන් මාලය පැහැරගත් කාන්තාවන් තුන්දෙනා පලායමින් සිටියදී හික්කඩුව පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් හලාවත සහ පුත්තලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විස්ස, විසි එක සහ හතළිහ වයස්වල පසුවන අයයි. මෙම සැකකාරියන් බස් රථවලට ගොඩවී රන් මාල පැහැරගන්නා කල්ලියක් බවට අනාවරණ වී ඇති බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |