දඹදිව හා තායිලන්ත වන්දනා ගමන් තහනම් කළ බවට පළවන වාර්තා අසත්‍යයි - කම්කරු අමාත්‍යාංශය

Latest Headlines Anil Jayantha Fernando Sinhala news Puwath.lk
By R.rishma Jul 20, 2026 11:29 AM GMT
Report

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් දඹදිව සහ තායිලන්තයට ආගමික වන්දනා ගමන් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍යාංශය අවධාරණය කරයි.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ගොතන ලද එකක් වන අතර, අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවයි.

එමෙන්ම මෙම අසත්‍ය ප්‍රචාර පටු දේශපාලන අරමුණු ඇති කණ්ඩායම් විසින් හිතාමතා පතුරුවා හරින බවත්, ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලනික සහ ආගමික සහජීවනයට බාධා එල්ල කිරීම එහි අරමුණ බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

අසත්‍ය තොරතුරු විශ්වාස කිරීමෙන් හෝ ඒවා තවදුරටත් ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසද කම්කරු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 

සමාජ මාධ්‍ය කළඹන පුවතක් සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නිවේදනයක් by rishma