"..කුසල් වැඩිපුරම සතුටු වුණේ එයාට පල්ලියෙදි හමබවෙලා යාලු වුණ ළමයව..." මෙන්ඩිස්ගෙ නොදත් රසබර කතා..(PHOTOS)

Cricket Sri Lanka Gossip Today
By Sewvandhi Nov 03, 2022 10:32 AM GMT
Report

 මේ දවස්වල වැඩි පුරම අපි අතර කතා බහ වෙන්නේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැනයි. තීරණාත්මක තරග කීපයකදීම ජයග්‍රහණය කරා යන්නට වෙහෙසුණු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නේ.

කාලයක් ලකුණු අතර නොසිටියත් දැන් නම් කණ්ඩායමේ ලකුණු මැෂිම බවට පත්වෙලා තියෙන්නේ කුසල්. ඉතා කුඩා කාලයේ ඉදලා ක්‍රිකට් ක්‍රීඩාවට කැමැත්තක් දක්වපු කුසල් පාසල් කාලයේ නිහඩ චරිතයක්.

පොඩි කාලේ ඉදලම ක්‍රිකට් වලට වැඩි කැමැත්තක් තිබුණු කුසල්ව ක්‍රිකට් සදහා උනන්දු කලේ ඔහුගේ පියා විසින්. ඉතින් කුසල් මෙන්ඩිස්ගේ අපි නොදත් රසබර කතා ඔහුගේ මව වන මහේෂිකා ශිවන්ති කුමාරි පුවත් පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” කුසල් පොඩි කාලේ ඉදලම බැට් එකටයි බෝලෙටයි පුදුම ආසාවක් තියෙන්නේ. එයා පොඩි කාලේ ගේට්ටුව යටින් එලියට ගිහින් අයියලා බෝල ගහනවා බලන් ඉන්නවා. එයා පළවෙනියටම ටැටූ එකක් ගහන්නද කියලා මගෙන් ඇහුවා. මම කිව්වා රිදෙනවා නේද කියලා. එයා කියනව එතකොට නෑ අම්මේ රිදෙන්නෙ නෑ කියලා. එයාගෙ ජීවිතේ වැඩිපුරම සතුටු වුණේ එයා යාලුවෙලා හිටපු ළමයව බැදපු දවසෙ. ඒ දෙන්නා හම්බවෙලා තියෙන්නේ පල්ලියෙදි. දැන් එයාට චූටි බබෙක් ඉන්නවා. එයාට බබා දකින්නැතුව ඉන්න බෑ. ඒ නිසා සෙල්ලම් කරනැති හැම දවසකම වීඩියෝ කෝල් ගන්නවා. කුසල්ට එන පළවෙනි බෝල් එක දිහා මම බලන්නෙ නෑ. මට බය හිතෙනවා. මම බලන්නෙ දෙවෙනි බෝලේ ඉදලා. මමයි කුසල්ගේ තාත්තයි හැම වෙලේම කියන්නේ ඉවසීමෙන් කල්පනාවෙන් බෝල් ප්ලේ කරන්න කියලා.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery