කුරක්කන් වලින් රස Cake Recipe එකක්.
Sri Lanka
Healthy Food Recipes
Sri lanka Food Recipes
By Wayomi
කුරක්කන් කියන්නේ වඩාත් ගුණදායක ආහාරයක්. විශේෂයෙන්ම දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග රැසකට ද වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන ආහාරයක්. ඔන්න ඉතින් අද කියන්න යන්න කුරක්කන් වලින් හදන්න පුළුවන් කේක් Recipe එකක්.
අවශ්‍ය ද්‍රව්‍ය
? කුරක්කන් පිටි ග්‍රෑම් 100
? බටර් ග්‍රෑම් 250
? සීනි ග්‍රෑම් 200
? පාන්පිටි ග්‍රෑම් 150
? බේකින් පව්ඩර් තේ හැඳි 2
? - බිත්තර 5
? කිරි මේස හැඳි 4
සාදාගන්න ආකාරය
? පාන්පිටි, කුරක්කන් පිටි හා බේකින් පව්ඩර් එකට මිශ්‍ර කරන්න.
? දැන් එය පෙනේරයකින් හලාගන්න.
? බටර් හා සීනි බීට් කරන්න.
? ඒකට බිත්තර එකින් එක දාලා බීට් කරලා අවසානෙට පිටි මිශ්‍රණය දාගන්න.
? ඉන් පසුව කලවම් කරලා කිරි හා වැනිලා දාලා තව ටිකක් කලවම් කරගන්න.
?
දැන් මේක බේකින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් බේක් කරගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |