කුමාර් රූපසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි..

Politics funeral Kumara Rupasinghe Dirimawo Bandharanayake
By Sewvandhi Feb 22, 2022 07:23 AM GMT
Report

ප්‍රකට සමාජ සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වූ ආචාර්ය කුමාර් රූපසිංහ මහතා අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 79 වැනි වියේ පසුවිය. 

 සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස බොහෝ කාලයක් කීර්තිමත් සේවයක් කළ ඒ මහතා ‘සාම ව්‍යපෘති‘ සම්බන්ධයෙන් වඩාත් උනන්දුවෙන් කටයුතු කළ සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුළයි.

සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පූරෝගාමියා වූ රූපසිංහ මහතා ජනතා වතු සංවර්ධන මණ්ඩලය පිහිටුවීමට මූලිකත්වය ගත් කීපදෙනාගෙන් කෙනෙකි.

ජාතික තරුණ සේවා සභාවේ ආරම්භ සභාපතිවරයා ද වන ඒ මහතා ජාත්‍යන්තර සංවිධාන රැසක උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කළේය.

කුමාර රූපසිංහ මහතා බණ්ඩාරනායක පවුලේ වැඩිමහල් දියණිය වන බණ්ඩාරනායක මහත්මිය සමඟ කෙටි කළක් විවාහ වී සිට පසුව වෙන්විය. දෙදරු පියෙක් වන ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාාතීහූ පවසති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now