කුලියාපිටිය නැගෙනහිර සමූප ඡන්දෙන් පොහොට්ටුවට අන්ත පරාජයක් - නිලවරණයෙන් අනතුරුව ඇති වූ ප්‍රචණ්ඩත්වයෙන් පිරිසක් රෝහල්ගත කෙරේ..!(PHOTOS)

politics Election Kuliyapitiya Idunil Amarasena Narammala Hoapital
By Sewvandhi Mar 27, 2022 04:13 PM GMT
Report

කුලියාපිටිය නැගෙනහිර සමූපකාරයට සභිකයන් තෝරාපත් කරගැනීම සඳහා පැවැති ඡන්දයෙන් පාලක පොදුජන පෙරමුණ පරාජයට පත්කරමින් විපක්ෂ කණ්ඩායම ජයගත්තේය. 

  පොහොට්ටුවෙන් ඉදිරිපත් කළ කණ්ඩායම ඡන්ද 25ක් ලබාගෙන ඇති අතර පොදු විපක්ෂය එකතුව ඉදිරිපත් කළ කණ්ඩායම ඡන්ද 67ක් ලබාගෙන ගත්තේය.

එහි මුළු ආසන සංඛ්‍යාව 92කි. ඡන්දය පැවැත්වීමෙන් අනතුරුව දෙපිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකින් කීප දෙනකු කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට හා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

සමූපකාර නිලවරණයේදී පොහොට්ටුව නියෝජනය කරමින් තරඟවැදුන පිරිස පරාජය කරමින් විවිධ පක්‍ෂවලින් සැදුම්ලත් කණ්ඩායමක් ජයගැනීමෙන් අනතුරුව එම ප‍්‍රචණ්ඩකාරී තත්වය ඇතිවූ බව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රථිකාර ලබන පිරිසගේ සුවදුක් බැලීමට පැමිණි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා රෝහල් පරිශ‍්‍රයේදී මාධ්‍යට පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGallery