නිවස පෙනි පෙනී අවසන් ගමන් ගිය තරුණයා..(CCTV VIDEO)
කුලියාපිටිය, කටුපොත මාර්ගයේ අගාරඋඩ මංසන්ධියේ සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (06) රාත්‍රි 9ට පමණ එම අනතුර සිදුව ඇති අතර, කටුපොත දෙස සිට කුලියාපිටිය දෙසට වැලි පටවා ගත් ට්‍රැක්ටර් රථයක් අගාරඋඩ මංසන්ධියෙන් හැරවීමත් සමගම කුලියාපිටිය දෙස සිට පැමිණි යතුරුපැදිය ට්‍රැක්ටරයේ ගැටී අනතුර සිදුවේ.
අනතුරින් 27 හැවිරිදි පි.එ්. තුෂාර පුෂ්ප කුමාර නැමති තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු කොළඹ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක සේවය කර සති දෙකකට පසුව නිවසට පැමිණෙමින් තිබිය දී අනතුරට ලක්ව ඇත.
අනතුර සිදුව ඇත්තේ, ඔහුගේ නිවසට මීටර 500ක පමණ ආසන්නයේ ය. අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේ ම මියගොස් ඇති අතර, ට්‍රැක්ටර් රථය අතුරු මාර්ගයක දමා ගොස් තිබිය දී අද අලුයම පොලීසිය විසින් රියදුරු සමග අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන හෙට්ටිපොල පොලීසිය විසින් සිදුකරයි. අනතුර සිදුවන අයුරු ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |