"තොටළඟ කුඩු ලෙච්චමී" අල්ලයි..

Sri Lanka Police Colombo Sri Lanka Crime Branch Criminal Investigation Department
By Sithumi Nov 21, 2022 11:06 AM GMT
Report

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරිනියක් වන "තොටළඟ කුඩු නෝනා" නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තියගේ ප්‍රබල සාමාජිකාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58හැවිරිදි වියේ පසුවන "තොටළඟ කුඩු ලෙච්චමී" නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තියකි. එහිදී ඇය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 110යි මිලිග්‍රෑම් 310ක් පොලීසිය විසින් සොයාගැනීමට සමත්ව ඇත.

පොලීසිය පවසන්නේ එම මත්කුඩුවල වටිනාකම රුපියල් ලක්ෂ 26ක් පමණ වන බවය. කොළඹ 14 ෆර්ගියුසන් පාර ප්‍රදේශයේ නිවසක අදාළ තැනැත්තිය විසින් මත්කුඩු ජාවාරම සිදුකරන බවට බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබේ.

කෙසේ වෙතත් වැටලීම සිදුකළ අවස්ථාවේ එම නිවසේ මත්කුඩු තිබී නොමැති අතර පොලිස් කාන්තාවක් ලවා සැකකාරියගේ තණ පට පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවාගෙන සිටි මත්කුඩු සොයාගැනීමට පොලීසිය සමත්වූ බව පොලීසිය පවසයි. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now