ශ්‍රී නාගවිහාරය, නිවසකට ඇතුළු වෙළදසැල් වලට හානි කල පාලනයෙන් ගිලිහුණු අධි අධිසුඛෝපභෝගී ජීප් රථය - (CCTV VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation Accident
By Sewvandhi Sep 04, 2022 07:57 AM GMT
Report

අද (04) අලුයම 5.30ට පමණ මිරිහාන දෙස සිට පිටකෝට්ටේ දෙසට ධාවනය කළ අධිසුඛෝපභෝගී ජීප් රථයක් කෝට්ටේ ශ්‍රී නාගවිහාරය ආසන්නයේ දී අනතුරට පත් වී ඇත. රියැදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිව ශ්‍රී නාගවිහාරය, නිවසක තාප්පයක ඇතුළු ස්ථාන කිහිපයක රථය ගැටී තිබේ.

එම අනතුරෙන් කෝට්ටේ නාගවිහාරයේ තාප්පයට හා තවත් වෙළෙඳ සැලකට හානි සිදු වී ඇත. එම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂික කැමරා කිහිපයක සටහන් වී තිබුණි. 

 අනතුරට හේතුව බීමවත්ව රිය පැදවීම විය හැකි බවට පොලීසිය සැක පළ කරන අතර සුඛෝපභෝගී ජීප් රථයේ රියදුරු මිරිහාන පොලීසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් රියදුරු අධිකරණ වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.

 (වීඩියෝ අයිතිය - අද දෙරණ)    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW