තවත් බිහිසුණු වෙඩි තැබීමක්..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jan 18, 2023 09:46 AM GMT
Report

කොටහේන ප්‍රදේශයේ අද (18) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබේ. එනම්, කොටහේන 6 වන පටුමගේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර තුවාල ලැබූ අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන්කරමින් සිටි අයෙකුට මෙම වෙඩිප්‍රහාරය එල්ලකර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now